2013 අයවැය තවමත් උණුසුම්ය,විවාදාත්මකය.අයෙකු හොඳ කියති,තවත් අයෙකු නරක කියති,තවෙකෙකු මැදුම් පිළිවෙත සුරකිති. කවුරුන් කෙසේ කීවද වෙනස් වන්නක් නම් නොමැත.තව තවත් විවාද කෙරෙති,සම්මත කෙරෙති.නමුදු අප හුන් තැනම ලගිති. ඇත්තෙන්ම කතා කළ යුතු යමක් ලෙස සෑම දෙනාම දකින දෙයක් වේ.ඒ, මේ අයවැයෙන් රේසින් කාර් වල බදු අඩු කිරීමයි. ඕනෑම රජයක් උත්සාහා කරන්නේ තම අය වැඩි කරගෙන වැය අඩු කර ගැනීමටය. රජයේ අය වැඩි කරගැනීමට නම් බදු ආදායම් වැඩි කල යුතුය. රේසින් කාර් වලට මෙතෙක් පනවා තිබුණ බදු ඉවත් කොට එහි ආනයන මිල ඉතා විශාල ලෙස පහත දැමීමේ වාසි මෙන්ම අවාසිද නැත්තේ නොවේ.
රජයට නම් මින් සෘජුවම පෙනෙන්නට ඇත්තේ අවාසියකි. ඒ මන්දයත් රජයේ බදු ආදායම වර්ධනය කරගැනීමට තිබෙන අවස්ථාවක් එමගින් අහිමි වී යන නිසා වෙන්ය. නමුදු ඉන් වක්ර ප්රතිලාභ ඇති බවත් එම නිසාවෙන් මෙම බදු අඩු කිරීම කල බවත් පැවසෙන කතාන්දර නම් එමටය. මෙම බදු අඩු කිරීමෙන් ඉහල පැලැන්ති වල උදවියට නම් වාසියක් අත් වේ. ඒ අඩු මිලට රේසින් කාර් ආනයනය කිරීමය. එහෙත් ගැටලුව වන්නේ මේවා ගෙනවිත් ධාවනය කරන්නේ කෙසේද යන්නයි.ඒ මන්දයත් ඊට අවැසි මහා මාර්ග මෙන්ම රියදුරන්ද හිඟවීම නිසා ආනයනය කරන රේසින් කාර් නිකරුනේ රථ ගාල් වල තැබීමට සිදුවන නිසාය.
ඒ කෙසේ වෙතත් දිලිඳු දුප්පත් ජනතාවට නම් මින් කිසිදු හොඳක් නොවෙන බව පසක් වී හමාරය. ඔවුනට කවදාක හෝ රේසින් කාරයක අවශ]යතාව නොදැනේ.එසේ දැනුනත් ඔවුනට එය කිසි දිනක සපුරාගත නොහැකි මට්ටමකින් පවතී. මේ නිසා හුදෙක් මෙම බදු අඩුකිරීමෙන් ජනතාවට ඇති වන අවාසියක් නොවේ. මන්ද අඩුකල හෝ වැඩිකල රේසින් කාර් බදු ගෙවන කාන්ඩයට දුප්පත් ජනතාව අයිති නොවන නිසාය.නමුත් ඔවුන්ට හිමි වීමට තිබු වෙනත් ප්රතිලාභ නම් මේ හරහා අහිමි වී යාම නොවැලැක්විය හැකිය.
රේසින් කාර් නිසා රක්ෂණ සමාගම් වලට නම් තම රක්ෂණ ඔප්පු විකුණුම් වර්ධනය කරගත හැකිවනු නොඅනුමානය. මන්ද අධික වේගය මරු කැඳවීමට මෙන්ම වෙනත් හානි ඇති කර වීමටත් සමත් වන නිසාය. පොලීසියේ මහත්වරුන්ටත් දඩ කොල ලිවීමට අමුතුවෙන්ම පොත් නිකුත් කිරීම ඇරඹිමට දැන් එසේ නම් කාලය පැමිණ තිබේ. වක්රාකාරයෙන් එයද රජයට ආදායමක් ගෙන දෙන්නක් නිසා එක අතකට සතුටු වීමට අපට පුලුවන.
රජයක් වශයෙන් දැනට ඉදිරිපත් කර ඇති 2013 අයවැය පිලිබඳ අදහස් යෝජනා මෙන්ම චෝදනා ඉදිරිපත් කිරීමට විපක්ෂයට මෙන්ම රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතිය තිබේ. මාගේ අදහස නම් මෙම බදු අඩු කිරීමට වඩා වෙනත් සුදුසු උපාය මාර්ගයක්ක් මේ සඳහා යොදා ගත්තේ නම් හොඳය කියාය. උදාහරණයක් ලෙස රේසින් කාර් ධාවනය කිරීමට අවශ] රියදුරු බලපත් ඇති අයට මෙවන් විශේෂ බදු අඩු කිරීමක් ලබා දීම දැක්විය හැකිය.
අදහස් දීම අප සතුය……ක්රියාත්මක කිරිම ඔවුන් සතුය……එසේ ක්රියාත්මක වන ඒවා දෙස බලා සිටීමද අප සතුය…
ඔබේ අදහසට ඉඩක්..................................
congratulations brother....
ReplyDeleteජොබ් එකක් ලැබුනු ගමන් මාත් ගෙන්නනවා Ferrari එකක්... බදු අඩුයිනෙ...
ReplyDelete:p
good,but me article ekata ur idea ekath add kala nam tama gd
DeleteLankawa kiyanne racing tharaga e tharam janapriya ratak nemei.e wage tharaga walata asa, e kridawe yedena bohoma sulu pirisai inne.ithin e wage ayata vitharak me badu sahanaya dena eka gana salaka balannai thibune.mokada aluth ratha wahana walata wada me ratata awashya nawa karmanthashala idiwena eka.mata danena hatiyatanam me badu sahane iwath karala nishpadana sadaha yodaganna yanthra suthra gennawa ayojakayanta e awashya yanthra gennanna badu sahanayak denna one kiyala..
ReplyDelete(mage adahasa harida nadda kiyana eka obata barai... me mata hithuna hati..)
:)
ow oyage adahasata math ekangai..godak dena me badhu sahanaya gana positve widiyata kataha karanne na.eth mewa rajaya idiripath karnne digu kaleena dakmak athiwa kiyana tarkaya nisa api asarana wenava..anith prashnaya tama me dewal walata wiruddawa nagee hitinna phadili wirudda pakshika sanvidaanayak nathi kama..
Delete